ආසයි මම නුඹ ලගට වී ඉන්න
හැකිනම් නුඹට තව එක මොහොතක්
මගේ හදට දැනෙනෙ උණුසුම
නුඹේ හිතට ලන් කරන්නට.
උතුරා නැගෙන සෙනෙහසට
එපා ලන් කරන්න කදුළු
ආදරෙයි මම නුඹට සත්තකින්ම
උපමා කුමටද එයට.
මගේ ආදරය නුඹ ලග
පිවිතුරුයි නුඹ පැතු ලෙසම
ඔය හිත පාමුල පිදු මගෙ හිත
එපා මගෙන් දුර අරන් යන්න.
සවන්දෙන්න හදේ රාවයට
කියන්න මුවගින් ඒ ස්වරයේ හඩ
අහන්න ආසයි නුඹේ හඩින් මම
ආදරයේ සුන්දරම වදන.
13 comments:
harima lassanay
ආයෙත් දිනේශ් අයියගේ ලස්සන නිසැදැස් කියවන්න පුලුවන් වෙනවා.........
බොහොම ස්තුතියි අයේෂා අක්කේ...
රත්ගමයා මල්ලි, රත්ගම පොඩ්ඩා විදිහට හරි ආයෙත් ආව එක ගැන මම ඇත්තටම සතුටුයි...
godak lassanai...
thanks Princess........
harima sundara adarayak!
හරිම ලස්සනයි... ලියලා තියෙන විදිහ...
ප්රාර්ථනා අක්කේ බොහොම ස්තුතියි...
thank you soo much Dilu akke....
ලස්සනයි ...
වෙනස් මාතෘකා ඔස්සෙත් ලියන්න මල්ලි ...
ජය
බොහොම ස්තුතියි වත් අක්කේ ඔයාගේ ප්රතිචාරයට...
සුන්දරයි බොහොම!
Post a Comment