නිමා උන වසන්තෙක
ආදරේ සුවද නුඹ
හැරගිය සෙනෙහසට තව
සෙනෙහසින් මග බලන්නේ කිම.
මුලාවී ගිය ආදරයක
හද පාරන සිතුම් ගොන්නක
පැටලිලා උන් අතීතයක
කදුළු තව නොනැවතුනේ කිම.
ආදරයේ මල් උයනක
නෙලාගත් රෝස මල නුඹ
නපුරු වී වේදනා දුන් මල
තවමත් අත දරා කිම.
රිදුම් දෙන ආදරය
නෙතට කදුළක් උන දින
ඒ කදුළු හද දරා තව
සුසුම් හෙලන්නේ කිම.
නෙලා ගත් කදුළු මල ලග
නුඹ නෙත නොගැටුන මල
ආදරෙන් තවමත් නෙතු ලග
නුඹ හැදින නොගත්තේ කිම...
6 comments:
නිමා උන වසන්තෙක
ආදරේ සුවද නුඹ
පැටලිලා අතීතෙක
සුසුම් හෙලනුයේ කිම?
ලස්සනයි මල්ලී....
මැණික්(සුළඟ)
කඳුළු තව නොනැතුනේ කිම
නොදන්නෙමි තාම මම....
ලස්සනයි Dinesh අයියේ...
harima lassanai....kiyanna wdan naha...
ලස්සනයි මිත්රයා
ගීයකට හරි ලඟයි
සුභ පැතුම්
ලස්සනයි මිත්රයා
බොහොම ස්තුතියි හැමෝගෙම ප්රතිචාර වලට...
Post a Comment