Blogger templates


Powered by Blogger.
RSS

රෑ අහසට සද පායලා





රෑ අහසට සද පායලා
අදත් වෙනදා වගෙම,
මුළු රෑයම සුන්දරයි
දෑවටිලා මුදු සද එළිය
නිසන්සල රෑ කරුවලට.

හද ලගින්ම ලස්සනට
පූන්චි තරුවක් පායලා
හදට තනිකම් රකින්න,
හිරු පායන තුරාවටම
සද එළියෙන් නහවන්න.

මටත් තවම මතකයි
ඔබත් මගේ ලගින් හිටියා
සතුටත් කදුලත් එක ලෙසම
හිතට දෑනෙන හෑමවරෙකම
නුඹේ හිතට ගෙන මා සනසන්නට.

නුඹ බොහෝ දුරකට
යන්න ගිහින් අද
කිසිවෙකුටත් නොදෑනිම
මට එක් මොහොතකටවත්
එන්න බෑරි තරමටම.

සද තනියට තරු තිබුනට
නුඹ නෑ අද මා තනියට
කරුවලයි මගෙ ලෝකය
මේ මොහොතේ ඉදන් මට
යලි හිරු නෑගෙන තුරාවට.....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

5 comments:

Shadow/හේමලයා said...

ඉර හඳ තරු....ඉඟිමරනකොට අවදිවෙන මතකය......රිදවනවා හදවත...:((...

Dinesh said...

that's true bro...... thanx for the comment....

pubudu_blog said...

හද ලගින්ම ලස්සනට
පූන්චි තරුවක් පායලා
හදට තනිකම් රකින්න,
හිරු පායන තුරාවටම
සද එළියෙන් නහවන්න

මේ ටික නම් නියමයි දිනේශ් අයියේ

Dinesh said...

thnx bro..............:)

ayesha said...

very nice

Post a Comment