දෑතේ කරගෑට කදුළු බිදු මගෙ දෑසේ
බර නෑහෑ මේ හිතට මගේ පුතේ
ඒත් පුතේ නුඹේ කදුළු බඩගින්නේ
මට දරන්න බෑහෑ කවදාවත් පුතුනේ.
නුඹෙ අම්මා ගියදා හෑර වෙන දීගේ
මහ මෙරකට බර ආවයි මගෙ ලෝකේ
නුඹෙ බඩගින්නට දෙන්නට කිරි නෑතත් පුතේ
මම නුඹ සුරකින්නම නිරතුරු මේ ලෝකේ.
මගේ කුසට අහරක් නෑති උනත් පුතේ
නුඹෙ දුක් හෑම මට දී සෑනසියන් පුතේ
මට හෑකිවෙයි ඉවසන්නට තවත් පුතේ
මේ දුක නුඹ ලොකුමිනිහෙක් වෙනකන්නෙ පුතේ...
3 comments:
ටී.ම් ජයරත්න මහත්තයාගේ සින්දුව මතක් වුනා.බොහොම අගේ නිර්මාණයක්
බොහොම ස්තුතියි සහො..........
තාත්තලගෙ ආදරේ පුතාලට තේරෙන්නෙ නැහැල්ලුනෙ.
Post a Comment