Blogger templates


Powered by Blogger.
RSS

නුඹ මට දුන්න ජීවිතය



අරණක හිද සංසුන්ව
භාවනා කලා වෙගේ මගේ හිත
ඒ තරම්ම සැනසිලා නුඹ නිසාම
මගේ ජීවිතේට නුඹ ආදා ඉදන්ම..

දඩබ්බර මගේ හිත ඉස්සර තිබුන
අද කොහේද නොදනිමි මමම
නුඹ ඇවිදින් එක්තැන් කර මගෙ හිත
සැනසුව ජීවිතය නුඹටමයි උරුම..

අරමුණක් නැතිව ගෙවුන කාලය
කොතරම් අමිහිරිද දැනෙන්නේ අද මට 
වාසනාවට නුඹ මට හමු නොවන්න
මගේ ලෝකය කොතැන නවතීවිද..

ආදරේ පහන් සිළුව වී නුඹ
මගේ හද පතුලේ දැල්වෙන
නුඹ මට දුන්න ජීවිතයට
මම ණයගැතියි නුඹට හැමදාම..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

26 comments:

රත්ගමයා said...

ආදරේ තමා :)

ayesha said...

ම්... ලස්සනයි

Kasun said...

ඒක ගෙවන්න බැරි ණයක් නේද?

පිණිබිඳු... said...

කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය

මධුරංග said...

අරමුණක් නැතුව ගෙවෙන ජීවිතය හරි මගට ගන්න ආදරයට පුලුවන්.

Dinesh said...

@ රත්ගමයා : ඔව් රත්ගමයෝ..

Dinesh said...

@ Kasun : ඔව් කසුන් මල්ලි.. ඒක කවදාවත් ඉවර නොවෙන දෙයක්..

Dinesh said...

@ Ayesha : ගොඩාක් ස්තුතියි අක්කේ...

Dinesh said...

@ මධුරංග : ඔව් යාළුවා ඔයා හරි... ආදරයට පුළුවන් අපිව ගොඩාක් වෙනස් කරන්න..

Dinesh said...

@ පිණිබිදු :

නාමලක සුවද පිරුනු
අපේ සොදුරු ආදරය

පන්සල් හංදිය said...

ඇත්ත කතාවක් ලස්සනට කියලා තියනවා ........

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

ලස්සනයි යාළුවා...මම මේ ඔයාගේ බ්ලොග් එකට ආපු පලවෙනි වතාව..ඒකට සමාවෙන්න..හැ‍බැයි මේ එන අන්තිම වතාවවත් කමෙන්ට් කරන අන්තිම වතාවවත් නෙවෙයි..ඒකටනම් සමාව දෙන්න එපා

නලිනි චන්දිමා said...

අයාලේ ගිය ජීවිතේ යහමගට ගෙනාව ආදරයක්? ලස්සන පදපෙළක් මල්ලි.

Dinesh said...

@ කල්හාර දිසානායක : ගොඩක් ස්තුතියි අයියේ...

Dinesh said...

@ ජනරග : සාදරයෙන් මගේ සිහිනයට පිළිගන්නවා යාළුවා..

Dinesh said...

@ නලිනි චන්දිමා : ඔව් අක්කේ අයාලේ ගිය ජීවිතයකට මග කියාපු ආදරක්..

හිස් අහස said...

සමාවෙන්ඩ ඕන එන්න පමා උනාට ..මේකත් පූජා ලියපු කවියක්ද දිනේශ් අයියේ .. කවුරු ලීවත් මේක ලස්සනයි .. උපරිමයි ..

මැණික් said...

"නුඹ මට දුන්න ජීවිතයට" දෙවනවර ඉපදීම නේද? ලස්සනයි අදහස මල්ලී.
මැණික්

Muthu Paba said...

ලස්සනයි..

Dinesh said...

@ හිස් අහස : නැහැ සදරු මල්ලි මේක මම ලිව්වේ.. පූජා ලියපුවා මම එයාගේ නමින් දාන්නේ..

Dinesh said...

@ Muthu Paba : ගොඩාක් ස්තුතියි...

Dinesh said...

@ මැණික් : ඔව් අක්කේ.. දෙවෙනි වර ඉපදීම තමයි..

සිතුවිලි නිහඬයි said...

තැන්පත් වුයේ ඔය සිත්
මා නිසමන්ම් සොදුර
කියන්නේ කෙලෙස මා
සිතේ තෙරපෙන සතුට.....



ලස්සන පද පෙළ සහෝ...............

Dinesh said...

@ සිතුවිළි නිහඩයි : ගොඩක් ස්තුතියි සොයුරිය...

batti said...

ලස්සනයි ගොඩක්.
අනේ දිල් අක්කගේ බ්ලොග් වලට මට කමන්ට් දාන්න බෑ. මොකද කරන්නේ?මං බ්ලොග් ලියන්න ආසවුනේ එයා නිසා දිනේෂ් මට ඒ උදව්ව කරලා දෙන්න.

Dinesh said...

@ Batti : එකට කමෙන්ට් කරන් අපුළුවන් අක්කේ... පහලින් තියෙනවා " post a comment " කියලා එකක්.. එතනින් යන්න....

Post a Comment